Wednesday, October 9, 2013

Pedagogical Component II Assignment 2013


කේවල ව්‍යාපෘති   
   Individual Projects




    ඩබ්.එච්. කීල්පැට්රික් විසින් ඉගැන්වීම් ක්‍රමයක් වශයෙන් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති ක්‍රමය 1920 ස්ටීවන්සන් විසින් තවදුරටත් සකස් කරන ලදී. ව්‍යාපෘති ක්‍රමයේ මූලික අදහස් නම් ගැටළු අවස්ථාවන්ට ප්‍රායෝගිකව විසඳුම් සෙවීමට ප්‍රයන්ත දැරීම තුළින් ඉගෙනුමක් ලැබීමයි.


    ව්‍යාපෘති ක්‍රමය පිළිබඳව ඉදිරිපත් වී ඇති විවිධ නිර්වචන කැටි කර ගත් විට ඉගෙනුම් ක්‍රියාකාරකමක් වශයෙන් ව්‍යාපාර ක්‍රමයෙහි අන්තර්ගත ලක‍ෂණ 4ක් දැකිය හැකිය.

   1.    අංගසම්පූර්ණ ක්‍රියාකාරකමක් වීම.
  2.   කිසියම් ඉගෙනුම් අරමුණක් කරා ක්‍රියාකාරකම් ඉලක්ක කර තිබීම.
  3.   ක්‍රියාකාරකම් අර්ථවත් වීම, ස්වාභාවික වීම හා සජීවි වීම.
  4.  ශිෂ්‍යයා විසින් ම ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුම් කර ක්‍රියාත්මක    කිරීම.

    ඉහත සඳහන් කරුණු වලින් පැහැදිලි වන එක් වැදගත් කරුණක් වන්නේ, ව්‍යාපෘති යනු ගුරුවරයා විසින් ම සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් සමූහයක් නොව, සෑම අවස්ථාවකදී ම සිසුන්ගේ සහභාගීත්වයෙන් ගොඩ නැගෙන්නක් බවය.

ව්‍යාපෘතියක් සංවිධානය කිරීමේ ප්‍රධාන පියවර 4කි.

1.    අරමුණ හෝ ගැටළුව තීරණය කිරීම.
    මෙය ශිෂ්‍යයා තුළින් ම මතු කරගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය නම් ගුරුවරයාට මග පෙන්වීමක් කළ හැකිය. එසේම තෝරා ගන්නා ගැටළුව ශිෂ්‍යයාගේ ලැදියා අවශ්‍යතා, හැකියා සමග ගැළපිය යුතුය.

2.    සැලසුම් කිරීම.
    අරමුණ කරා ළගා වීම සඳහා ක්‍රම සම්පාදනය කිරීම හෙවත් ගමන් මග සැලසුම් කිරීම දෙවන අවස්ථාවය. මෙහි දී ව්‍යාපෘතියේ යෙදෙන අය තනි තනිව හෝ, කණ්ඩායම් වශයෙන් හෝ කළ යුතු දේ තීරණය කරති. කේවල ව්‍යාපෘතියේදී ශිෂ්‍යයා තනිව කළ යුතු දේ තීරණය කළ යුතුය.

3.    සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
    සිසුහු තමන්ට භාරවූ ක්‍රියාකාරකම් වල යෙදෙති. මෙහි දී ගුරුවරයාගේ අධීක‍ෂණය හා මග පෙන්වීම අවශ්‍යය. මෙම පියවර අවසානයේ යම් ප්‍රතිඵලයක් ලැබිය යුතුය.

4.    ඇගයිම
    අරමුණ මුදුන්පත් කර ගැනීමට හැකි වූ ප්‍රමාණය අනුව ව්‍යාපාරයේ සාර්ථකත්වය මැනේ. ව්‍යාපෘතියේ හා අරමුණූ වල ස්වභාවය අනුව ඇගයීම් ස්වභාවය ද වෙනස් විය හැකිය.

ව්‍යාපෘති වර්ග

1.    නිෂ්පාදන ව්‍යාපෘති
ඉගෙනුම් කාර්යයක් වශයෙන් යමක් නිෂ්පාදනය කිරීම.
උදා :- ප්‍රදර්ශනයක්, නාට්‍යයක්, පාසල් ස`ගරාවක්, වර්ෂාමානයක්,   සායම් වර්ගයක්.

2.    පාරිභෝගික ව්‍යාපාති
 පවත්නා දෙයක් අනුසාරයෙන් අධ්‍යාපනික අත්දැකීම් ලැබීම.

3.    ගැටළු ව්‍යාපෘති
යම් ගැටළුවක් විසඳිම තුළින් ඉගෙනුම් අත්දැකීම් ලැබීම.
උදා :- යකඩ මළ බැදෙන්නේ ඇයි? වැසි ලැඛෙන්නේ කෙසේද? 
වැනි ගැටළුවක් විග්‍රහ කර පිළිතුරු ලබා ගැනීම.

4.    අභ්‍යාස ව්‍යාපෘති
අනෙක් ව්‍යාපාර වලදී දැනුම අභ්‍යාස කිරීමට අවස්ථාව නොලැඛෙන නිසා ඇති කරගත් ක්‍රමයකි.
උදා :- ගණිත ගැටළු විසඳිම, විවිධ වාක්‍ය රටා ගොඩ නැගීම, සිංහල දිනය, ඉංග්‍රීසි දිනය ආදිය.

    ඉගැන්වීම සඳහා ව්‍යාපෘති ක්‍රමය භාවිතා කිරිමේදී එහි වැදගත්ම ලක‍ෂණය විය යුත්තේ අභිප්‍රේරණයයි. එනම් දිගින් දිගටම සිසුන් ඉතා කැමැත්තෙන් හා ඕනෑකමින් එම ව්‍යාපෘතිය තුළ නියැලීමය. එම නිසා අප විසින් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු 2ක් ඇත.

1.    සිසුන්ගේ හැකියා,කුසලතා, අවශ්‍යතා හා ලැදියාවන්ට ව්‍යාපෘතිය ගැළපිය යුතුය. ව්‍යාපාරයක අරමුණු මුදුන්පත් කර ගත හැකි හැක්කේ එසේ වූ විටය.

2.    ගුරු ශිෂ්‍ය දෙපක‍්ෂය විසින් ම ව්‍යාපෘතිය සැලසුම් කළ යුතුය. දිගින් දිගටම ඒ සඳහා ශිෂ්‍ය සහභාගීත්වය         ලබා ගත යුතුය.
ව්‍යාපෘති ක්‍රමය සඳහා ශිෂ්‍ය අභිප්‍රේරණය ලබා ගත හැක්කේ එසේය.  


මෙම ක්‍රමය ICT විෂය ක්ෂේත්‍රය සඳහා ද අදාළ කර ගත හැකිය.  සාමාන්‍ය පෙළ මෙන්ම උසස්  පෙළද විශේෂයෙන්ම Web Designing, Internet & e mail, Adobe Photoshop, Database Management ආදී මෘදුකාංගයන් හෝ විෂය කොටස්  ඉගැන්වෙන අවස්ථා වලදී කේවල ව්‍යාපෘති ලෙස සිසුන් වෙත පැවරිය හැකි වන විෂය කොටස් රාශියක් ඇත. 
උදා:-
තම පාසල සදහා Web අඩවියක් සැකසීම.
ත්‍යාග ප්‍රදානය සදහා Photoshop හරහා බැනරයක් සකස් කිරීම.


ව්‍යාපෘති ක්‍රමයේ වාසි

  1.    අංගසම්පූර්ණ ක්‍රියාකාරකමක් වීම.
  2.   කිසියම් ඉගෙනුම් අරමුණක් කරා ක්‍රියාකාරකම් ඉලක්ක කර තිබීම.
  3.   සිසුන්ගේ සක‍්‍රිය දායකත්වය ලැබේ.
  4.   ක්‍රියාකාරකම් අර්ථවත් වීම, ස්වාභාවික වීම හා සජීවි වීම.
  5.  ශිෂ්‍යයා විසින් ම ඉගෙනුම් ක්‍රියාකාරකම් සැලසුම් කර ක්‍රියාත්මක    කිරීම.
    6.   නිර්මාණශීලිත්වය හා නිදහස් චින්තනය වර්ධනය වීම. 

    7.   ඉගෙනුම තමාගේම වේ.

ව්‍යාපෘති ක්‍රමයේ අවාසි
1.  ව්‍යාපෘතිය සදහා කාලය කළමනාකරණයේදී ගැටලු මතුවීම.
2.  ව්‍යාපෘති ක්‍රමය සදහා හැම විෂය කොටසක්ම අදාළ කර ගත නොහැකි   වීම.
3.  මූල්‍යමය ආදී සම්පත් සපයා ගැනීමේ ගැටලු පැනනැගීම.

4.  අන්තර්ජාලය පරිහරණයේදී මතුවන විනය  ගැටලු
5.  අන්තර් පුද්ගල සබදතා වලදී වර්තමානයේ පැන නැගිය හැකි සිසු
     ආරක්ෂාව පිළිබද  ගැටලු
  






Individual  Projects Regarding ICT 
ව්‍යාපෘති ක්‍රමය අනුව සකස් කරන ලද පාඩම් සටහනක් පහත දැක්වේ.

Activity Plan

Selected teaching method - Project Based Learning
Selected Software – Adobe Photoshop
Project                         Creating and printing a banner for School Prize Giving Ceremony 2013 
Duration                      one month
Grade                           Year 11
Subject                         Information & Communication Technology
Unit                             Graphic Software                    
Lesson                         Editing Graphics
Competency                Develops Multimedia contents to express ideas effectively.
Competency Level       Creates effective still graphics using suitable graphic software.

මෙම පාඩම ඉගැන්වීම තුළින් සිසුන් තුළ ගොඩනැංවීමට බලාපොරොත්තු  වන හැකියාවන් දැනුම, ආකල්ප, කුසලතා හා භාවිතය වශයෙන් පහත දැක්වේ.

දැනුම (Knowledge )
1.    Photoshop tool box හි මෙවලම් නම් කරයි.
2.    Photoshop layers නම් කරයි.
3.    Photoshop tool box හි මෙවලම්වල කාර්ය විස්තර කරයි.
4.    Photoshop file .psd .jpg .bmp .gif ලෙස save කිරීමේ වෙනස විස්තර කරයි.


ආකල්ප (Attitudes)
1.    Photoshop මෘදුකාංගය එදිනෙදා ජීවිතයේ දී භාවිතයට ගැනෙන අවස්ථා සොයා බලයි.
2.    තම පවුලේ ායාරූප ගැනෙන අවස්ථාවලදී Photoshop භාවිතයෙන් ඒවා සංස්කරණය  කළ හැකි බව සිතයි.
3.    පැරණි ඡායාරූප සංස්කරණය කළ හැකි බව පිළිගනී.
4.    Print කරන්නේ කෙසේදැයි පළමුව සිතා බලා color mode තෝරා ගත යුතු බව පිළිගනී.

කුසලතා (Skills )
1.    Photoshop හි new file වලදී canvas සදහා අදාළ ලෙස settings සකසයි.
2.    Photoshop tool box හි මෙවලම් භාවිතයෙන් නිර්මාණය ගොඩනගයි.
3.    Photoshop layer style යොදයි.
4.    Photoshop pallets භාවිතා කරයි.
5.    Opacity, feather, cloning අදාළ ලෙස යොදයි.
6.    නිර්මාණය print කරයි.

භාවිතය (Practice)
1.    තම පවුලේ ායාරූප සංස්කරණය කරයි.
2.    මංගල ායාරූප ඇල්බමවල Photoshop යොදාගෙන ඇති අයුරු සොයා බලයි.
3.    Photoshop ඇසුරින් නව නිර්මාණකරණයේ යෙදෙයි.


ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය

1.    ව්‍යාපෘතිය සඳහා මුල් වන ගැටලුව (Question)

වර්ෂාවසානයේ පැවැත්වීමට නියමිත විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා බැනරයක් සකස් කර ප්‍රදර්ශන කරන්නේ කෙසේදැයි  විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සව කමිටුවට ගැටලුවක් මතුවී ඇත.

·         මෙම ප්‍රශ්නය සිසුන්ට ඉදිරිපත් කිරීම.
·         ව්‍යාපෘතියක් ලෙස සිසුන්ට එම ගැටලුවට විසදුම් සෙවිය යුතු බව පැවසීම.
·         පැවරෙන කාර්යයේ ස්වභාවය හා ගැුර පිළිබදව සිසුන් හා දීර්ඝව සාකච්ඡා කිරීම.
·         තමාට කළ හැකි කාර්යයක් බවට සිසුන් තුළ විශ්වාසය හා කැමැත්ත සාකච්ඡාව තුළින් ඇතිකිරීම.



2.    ව්‍යාපෘතිය සඳහා සැළසුම (Plan)

brainstorm ක්‍රමය හරහා සිසු අදහස් ලබා ගනිමින් ඉහත ප්‍රශ්නයට විසදුම ලබා ගන්නා අයුරු සාකච්ඡා කිරීම තුළින්  සිසුන්ටම තම තීරණ වලට එළැීමට අවශ්‍ය පරිසරය සකසා දීම. ගැටලුව අනු කොටස් වලට කඩා ගනිමින් විසදුම් සෙවීමට යොමු කිරීම.
සිසුන්  විසින් ව්‍යාපෘතිය ආරම්භයේ පටන් අදියරෙන් අදියර අවසානය දක්වා ගොඩනගන අයුරු සැලසුමට ඇතුළත් විය යුතුය.

3.       කාර්ය සටහන (Schedule)            
සිසු අදහස් අනුව ඉහත සැළසුම ක්‍රියාත්මක කිරීමේ අදියර ව්‍යාපෘතියට ලබාගත හැකි කාලය අනුව බෙදා වෙන් කර ගැනීම.

1st week
1)    ගුරුභවතාගේ අධීක්ෂණය යටතේ සිසුන් පහත කාර්යයන් සඳහා යොමු කිරීම.
i)      විදුහල්පති හෝ මෙම කාර්ය භාරව සිටින ගුරුභවතුන් හමුවී බැනරයේ ප්‍රමාණයඅන්තර්ගතය හා සැකැස්ම   පිළිබව අදහස් ලබා ගැනීම.
ii)     ඒ අනුව බැනරයේ සැලැස්ම ඇ එය වගකිවයුත්තන් ලවා අනුමත කරවා ගැනීම.
iii)    තෝරාගන්නා images පිළිබඳ එකගතාව ලබා ගැනීම.
2)    ගුරුභවතාගේ අධීක්ෂණය යටතේ සිසුන් Photoshop හි අදාළ විෂය කරුණු ඉගෙනීම සඳහා යොමු කිරීම. මගපෙන්වීම හා අවශ්‍ය පරිසරය සකසා දීම.
a    3)    සිසුන්ගේ ගැඹුරු තේරුම්ගැනීම හා අවධානය සැමවිටම අවසාන අරමුණෙහි රදවා ගැනීම.
i)      අදාළ විෂය කරුණු සහිත වෙබ් අඩවි තෝරා ගෙන අන්තර්ජාලය හරහා ඉගෙනීම.
ii)     විෂය කරුණු ඉගෙනීමේ වෙනත් ක්‍රම උදා - සගරාපොත් පත් හරහා ඉගෙනීම.

2nd and 3rd week

සිසුන් විසින්
            images තෝරාගැනීම
            text තෝරාගැනීම
Color mode canvas size resolution තෝරාගැනීම
images සහ textඳහා size, color, layer styles, effects(feather, opacity, shadow) තෝරාගැනීම
අදාළ ලෙස layers arrange කිරීම හරහා බැනරය නිර්මාණය කිරීම
දක්වා අවශ්‍ය පරිසරය ගුරුභවතා විසින් සකසා දීම. සිසුන්ගේ ගැඹුරු තේරුම්ගැනීම හා අවධානය සැමවිටම අවසාන අරමුණෙහි රදවා ගැනීම.

4th week
            සිසුන් විසින්
Soft copy හා ගැටලුව අයිති පාර්ශවයෙන් අනුමැතිය ලබා ගැනීම. 
බැනරය  print කිරීම හා ප්‍රදර්ශනය කිරීම.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        

                          
4         අභිමන්ත්‍රණය (Monitor)
ගුරුභවතා විසින් ඉහත 4th week හා සමගාමීව
අවශ්‍ය උපදෙස් ලබා දීම හා මගපෙන්වීම.
අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකිරීම.


5         තක්සේරුව (Assess)

ව්‍යාපෘතියේ අරමුණු ඉටුවීදැයි සොයා බැලීම. පාඩමේ අරමුණු ණිපුණතා මට්ටමින් ඉටුවීදැයි සොයා බැලීම.       Canvas settings- size, color mode, resolution
Using tools in toolbox
Using effects eg. Layer styles, feather, shadow, opacity, cloning
Text, images, background තෝරා ගැනීම.
නිර්මාණයේ සමස්ථ අදාළබව.

 
6         ඇගයුම (Evaluate )

ව්‍යාපෘතියේ සමස්ථ කාර්යාවලිය තුළ සිසුන්ගේ අගය කළ යුතු ලක්ෂණ අගය කිරීම හා සංවර්ධනය විය යුතු හා වෙනස් විය යුතු ලක්ෂණ පෙන්වා දීම.
ව්‍යාපෘතියේ සමස්ථ කාර්යාවලිය තුළ සිසුන්ට දැනුනු හැගුණු දේ‚ අත්දැකීම් සාකච්ඡා කිරීම.
ඉදිරි ව්‍යාපෘති සහා මෙමගින් ලද අත්දැකීම් ඉවහල් කර ගන්නේ කෙසේදැයි විමසීම.
තනි කනිව හා කණ්ඩායමක් ලෙස කළ කාර්යය තක්සේරුවට ලක් කිරීම.
            අවශ්‍ය feedback ලබාදීම.